අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු අලුතෙන් පත් කරන්න අනුමැතිය

206

නව සභාපතිවරු6 දෙනකුත් එති

අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරුන් දෙදෙනකු සහ රාජ්‍ය ආයතන හයකට නව සභාපතිවරුන් හයදෙනකු පත් කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස යමුනා පෙරේරා මහත්මිය ද ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආර්. එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර මහතාගේ පත්වීම ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කර ඇති බව පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා පවසයි.

මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස සුජීව රාජපක්ෂ මහතාගේ පත්වීමට ද එම කාරක සභා අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මහතාගේ පත්වීමට ද ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙස රත්නසිරි කලුපහන මහතාගේ පත්වීමට ද ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සභාපතිවරයා ලෙස ඉංජිනේරු ඒ. ගල්කැටිය මහතාගේ පත්වීමට ද ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරිය ලෙස ස්ටෙලා මාරපන මහත්මියගේ පත්වීමට ද ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස ජයන්ත විජේරත්න මහතාගේ පත්වීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment