පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ගැන සරත් ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්

1364


පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් දෙදෙනා වනුයේ හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන බව සමගි ජන බල පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාස්කු ප්‍රහාරය පිළිබද විවාදයේදී අද පාර්ලිමේන්තුවේදී පැවසීය. මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාවේදී මේජර් ජෙනරාල් සලේ හමුවූ බවද ප්‍රහාරය දැනගත් පසු ඔහු සිංගපූරුවේ සැගව සිටි බවද කීවේය.මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ සරත් ෆොන්සේකා මහතා පවසන්නේ බොරු බවය.සරත් ෆොන්සේකා මහතා විසින් සිය කථාවේදී දැඩි ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා විවේචනය කළ අතර ඔහු නිවටයෙක් යැයි ද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment