කාන්තා හා ළමා අයිතිය මූලික අයිතිවාසිකමක් බවට පත් කර ළමුන් හා මව්වරුන් සුරකින්න කැපවෙනවා

41

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගාල්ලේ සමගි වනිතා සමුළුව අමතමින් කියයි

පාර්ලිමේන්තුවේ තමා වැඩිපුර කතා කරනවා කියා චෝදනාවක් ආවත් එහිදී කතා කරන්නේ පෞද්ගලික දේවල් නොව ලක්ෂ 220 ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසූවේ ගාල්ලේ සමනල ක්‍රීඩාංගණයේදී පැවැති සමගි වනිතා බලවේගයේ කාන්තා සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.

කාන්තා හා ළමා අයිතිය මූලික අයිතිවාසිකමක් බවට පත් කර ළමුන් හා මව්වරුන් සුරකින්න කැපවෙනවා

වත්මන් රජය පෙබරවාරි 13 ගැසට් පත්‍රයක් පළ කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ වෙනසක් සිදු කිරීමට කටයුතු කළා. එහිදී රජය, දැරියන් ලිංගික ක්‍රියාදාමයන්වලදී කටයුතු කිරීමේදී වයස 16 සිට 14 දක්වා අඩු කළා. කාන්තාවට අතවර කරපු පිරිමි පුද්ගලයන් 22ට අඩු නම් දඬුවම ලිහිල් කිරීමටත් එහිදී කටයුතු කරනු ලැබුවා. ඊට අමතරව විවිධ අවස්ථාවල අතවරයට ලක්වන කාන්තාවන් වෙනුවෙන් විශේෂිතව තිබූ නීතිය සඳහා පිරිමි පාර්ශ්වයට සිදුවන අතවර යන නීතියත් එකට එකතු කර එම නීති දෙකම එක නීතියක් ලෙස සම්පාදනය කිරීමට රජය කටයුතු කළා.

මේ ගැන මා පාර්ලිමේන්තුවේ හඬක් නැගුවා. ඒ අනුව මෙම වැරදි නීති රීති කාන්තාවන් දැරියන් කෙලෙසන නීති රීති අද දවස වන විට අධිකරණ ඇමැතිවරයා විසින් ඉල්ලා අස් කරගෙන තිබෙනවා. මෙය සමස්ත කාන්තාවන් හා දැරියන් වෙනුවෙන් ලැබූ සුවිශාල ජයග්‍රහණයක්. සමගි ජන බලවේග රජයක් තුළ කාන්තාවන් වෙනුවෙන් ලබාදිය හැකි උපරිම ශක්තිය හා සවිබල ගැන්වීම නියත වශයෙන් ක්‍රියාත්මක කරනවා.

කාන්තාවන්ගේ, ළදරුවන්ගේ අයිතිය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් බවට පත් කර විශේෂිතව සංශෝධනය කර ළමුන්, මව්වරු හා කාන්තාවන් රකින් රටක් ලෙස සංශෝධනය විය යුතුයි. එය සමගි ජන බලවේගය එය සිදු කරනවා. රටේ සෑම ප්‍රදේශීය ලේකම් උපලේකම් බල ප්‍රදේශවල කාන්තා සංවර්ධන මධ්‍යස්ථාන ඇති කර ඒ හරහා නිපුණතාවෙන් කුසලතාවෙන් හෙබි සුහුරු කාන්තාවන් නිර්මාණය කරනවා. පෙර පාසල් 17910ක අධ්‍යපානය ලබන දරුවන් 279000කගේ අනාගතය සුරක්ෂා කරනවා. කාන්තාවගේ ශ්‍රම දායකත්වය සියයට 50 දක්වා වර්ධනය කරනවා. ඊට අමතරව නිවසේදී මහමගදී සහ වැඩබිමේදී සිදුවන හිංසනයට ලක්වන කාන්තාවගේ අයිතීන් සුරැකීමට ප්‍රායෝගික රාජ්‍ය ප්‍රතිපත්තියක් හරහා ආරක්ෂා කරනවා.

කාන්තා සෞඛ්‍ය ශක්තිමත් කරමින් ආර්ථව දරිද්‍රතාව තුරන් කර සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිලේ ලබා දෙනවා. ඊට අමතරව ගෘහ සේවයට අමතරව නිපුණතාව සහිත කාන්තා පරපුරක් නිර්මාණය කර හෙද සේවය සෞඛ්‍ය උපස්ථාන සේවය හරහා ඩොලර් උත්පාදනය කරන වැඩපිළිවෙළක් දියත් කරනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණයට ගොදුරු වී ඇති එයට වහල් වී ඇති කාන්තාව නිවහල් කර සෑම ගම්මානයකම ග්‍රාමෝදය මණ්ඩල හා ග්‍රාම රාජ්‍ය සංකල්පය ඇති කර එහි නායකත්වයේ ප්‍රමුඛතාව ගමේ නගරයේ කාන්තාවට ලබා දෙනවා.

පුරුෂ පාර්ශ්වයට වඩා කාන්තාවන්ට දරු කැක්කුමක් ඇත. ගෙදර බුදුන් අම්මා මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත නොකර දරුවන් ගැන සිතන නිසා අනාගත සමගි ජන බලවේග රජයක් තුළ සිදු කරන සහනාධාර වැඩපිළිවෙළ යටතේ සියලු‍ සහන ගෘහයේ සිටින කාන්තාවට ලබා දෙනවා. කාන්තාවන් වෙනුවෙන් වෙනමම ජනාධිපති කාර්ය සාධනබලකායක් සහ කොමිසමක් ඇති කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment