ස්වීඩනයේ උද්‍යානයක ගින්නෙන් 12කට තුවාල

184

ස්වීඩනයේ ගොතන්බර්ග් නගරයේ පිහිටි විනෝද ක්‍රීඩා උද්‍යානයක හටගත් දරුණු ගින්නක් හේතුවෙන් එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති අතර තවත් 12 දෙනෙකුට තුවාල සිදු වී තිබේ.

ගොතන්බර්ග් නගරයේ පිහිටි ලිස්බර්ග් ෆන්ෆෙයාර් උද්‍යානයේ අලුතින් ඉදි කෙරෙමින් පවතින ඕෂනා ජල උද්‍යානයේ අදාළ ගින්න හටගෙන ඇති අතර ගින්න නිසා නිකුත් වූ දුම හේතුවෙන් නිවෙස්වලට වී සිටින ලෙස නගරවැසියන්ට පොලිසිය විසින් දැනුම් දී තිබේ එම ගින්නට හේතුව අනාවරණය වී නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment