අයි.එම්.එෆ්. ණය ගෙවන්න දීර්ඝ කාලයක් ඉල්ලුවා -කිරිඇල්ල මැතිසබයේ දී කියයි

81

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙනු ලබන ණය ගෙවා දැමීමට දීර්ඝ කාලයක් ලබා දෙන්නයි විපක්ෂය එම අරමුදලේ දේශීය නියෝජිතවරියගෙන් ඉල්ලීමක් කළ බව විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07දා) කීය.

එහිදී මෙසේද කියා සිටියේය-

අයි. එම්. එෆ්. ශ්‍රී ලංකාවේ නියෝජිතවරිය එදා අපිට හමු වුණ වෙලාවේ ෂෙහාන් ඇමැතිතුමා ඉස්සරහම මම එතුමියට කිව්වා ණය ගෙවන්න ආණ්ඩුවට දීර්ඝ කාලයක් ලබා දෙන්න කියලා. එහෙම වුණාම ජනතාවට තියෙන පීඩනය අඩු වෙනවා. අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් ණය ගෙවීමට කටයුතු කළොත් ජනතාවට ඇතිවන පීඩනය වැඩි වෙනවා. බදු වැඩි වෙනවා, විදුලි බිල වැඩි වෙනවා, ජීවන වියදම වැඩි වෙනවා. දේශීය නියෝජිතවරියට අපේ ණය ගෙවන්න දීර්ඝ කාලයක් ලබා දෙන්න කිවුවම එතුමිය බෑ කිව්වා. ණය ගෙවීම ඉක්මනට කරන්න ඕනි කිව්වා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment