අද තරගයේ ජය ශ‍්‍රී ලංකාවට

515


මෙල්බන්හිදී අද පැවැති ශ‍්‍රී ලංකා ඔස්ටේ‍්‍රලියා පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේ හෙවත් පස්වැනි තරගයේ ජය ශ‍්‍රී ලංකාවට හිමි විය.පළමුව පන්දුවට පහර දුන් ඔස්ටේ‍්‍රලියාව සිය පන්දුවාර විස්සහිදී ලබාගත් ලකුණු 154ට පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුළු 5ක් දැවී පන්දුවාර 19.5කදී ලකුණු 155ක් ලබා ජය තහවුරු කරගත්තේය.එහිදී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 69ක් සහ දසුන් ශානක ලකුණු 35ක් ලබා ගත්හ. මෙතෙක් පැවැති තරග 04හිම ජය ඔස්ටේ‍්‍රලියාව සතුකර ගත්තේය. ඒ අනුව තරගාවලියේ ජය ඔවුනට හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment