සජබ පාර්ලිමේන්තුවේ විරෝධයක

159


මාතලේ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් වතු යායක පදිංචිව සිටි වතු පවුල් තුනක් ඉවත් කිරීමට එහි කළමනාකාරීත්වය ගෙන ඇති පියවරට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධතා පුවරු අතැතිව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විරෝධතාවයක නියැලුණි.වැවිලි සමාගමේ වතු අධිකාරීවරයාගේ එම ක්‍රියාව දැඩි ලෙස හෙලා දකින බව මෙහිදී පශු සම්පත් අමාත්‍ය ජීවන් තොන්ඩමාන් මහතා ද ප්‍රකාශ කළේය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට දැනුම්දී වතු අධිකාරීවරයාගේ සේවය අත්හිටවූ බවද කීවේය.මෙවැනි අනවසර ලෙස රජයේ වැවිලි සමාගම්හි වතුයායහි පවුල් රැසක් පදිංචිව සිටින බවත් ඔවුනට නිවාස ලබාදීමේ වැඩ පිළිවෙක් මේවන විට ආරම්භ කර ඇතැයිද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment