ඉන්දීය අගමැතිගේ උපන් දිනයට කෝටි දෙකහාමාරක එන්නත් තෑග්ගක්

626

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 71 වන ජන්ම දිනයට සමගාමීව ඉන්දියාවේ ක්‍රියාත්මක කළ කොවිඩ් මර්දන එන්නත්කරණ විශේෂ වැඩසටහන යටතේ දිනක් තුළ පුද්ගලයින් දෙකෝටි පනස් ලක්ෂයක පිරිසක් එන්නත්කරණයට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ අනුව දිනක් තුළ වැඩිම පිරිසකට කොවිඩ් මර්දන එන්නත් ලබාදෙමින් ලෝක වාර්තාවක් තැබීමට ඉන්දියාව ඉකුත් 17 වැනිදා සමත් විය.

මීට පෙර දිනක් තුළ වැඩිම පිරිසකට එන්නත්කරණය සිදුකළ රට බවට චීනය පත්ව තිබුණි.

එම සංඛ්‍යාව දැක්වුණේ දෙකෝටි හතළිස් හත් ලක්ෂයකිි.

advertistmentadvertistment
advertistmentadvertistment