දූෂිත පාලකයන්ගේ  නියෝග ක්‍රියාත්මක කිරීමට  පෙර සියදහස් වාරයක්  සිතා බලන්න

192

ආරක්‍ෂක ලේකම්ට – යුද හමුදාපතිට ෆොන්සේකාගෙන් ෆේස් බුක් සටහනක්

සාමකාමී” අවිහිංසාවාදී ජනතා විරෝධතාවන්ට එරෙහිව දූෂිත පාලකයන් ලබාදෙන ජනතා විරෝධී අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට පෙර සියදහස් වාරයක් සිතා බලන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද්ධයේදී තමන් යටතේ සේවය කළ වර්තමාන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්” විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන්ට ෆේස් බුක් සටහනක් මගින් දැනුම් දී තිබේ’

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ෆේස් බුක් සටහනේ මෙසේද සඳහන් වේ’

ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමනි” ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී” යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමනි”

මාගේ අණ හා විධානය යටතේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමට සේනාංක මෙහෙයවූ ඔබ” මේ මොහොතේ රට තුළ පැන නැඟී ඇති අතිශයින් සාමකාමී සිවිල් ජන අරගලය මර්දනය කිරීමට දූෂිත පාලකයන් ලබාදෙන අනීතික නියෝග පිළිබඳව සියදහස් වාරයක් සිතා බලා කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂා කරමි’

දූෂිත අකාර්යක්‍ෂම රාජ්‍ය පාලනය නිසා රට තුළ උද්ගතවී තිබෙන ජීවත් වීමේ අර්බුදය හේතුවෙන් සාමාන්‍ය සිවිල් ජන සමාජය තුළ ඇතිවී තිබෙන පීඩනය” සාමකාමී” අවිහිංසාවාදී ජනතා විරෝධතාවක් ලෙස වීදි බැස තිබේ’

සිය බලය පවත්වා ගැනීම වෙනුවෙන් පීඩාවට පත්ව සිටින අහිංසක සිවිල් පුරවැසියන් මර්දනය කිරීමට රාජපක්‍ෂ රජය දරන කුමන හෝ උත්සාහයක් ඉතා පිළිකුල් සහගත” ලෝකයේම අප්‍රසාදයට ලක්වන ක්‍රියාවලියක් වනු ඇත’

මා යටතේ මානුෂීය මෙහෙයුමක නියමුවන් වූ වීරෝධාර රණශූරයන් ලොවක් ඉදිරියේ අපකීර්තියට හා අප්‍රසාදයට ලක්වීම කිසි විටෙකත් මම බලාපොරොත්තු නොවෙමි’

එබැවින් යළි යළිත් මා ඔබට අවධාරණය කරන්නේ දූෂිත පාලකයන් ලබාදෙන ජනතා විරෝධී අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට පෙර සියදහස් වාරයක් සිතා බලන ලෙසයි’

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment