කතානායකට සතුටු හිතිලා

372

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව පක්‍ෂ විපක්‍ෂ නොබලා සම්මත කර ගැනීමේදී තමාට ඉමහත් සතුටක් ඇතිවූ බව පාර්ලිමේන්තු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම සතුට තමාට පමණක් නොව රටේ ජනතාවට පවා දැනෙන්නට ඇතැයිද හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තුව තුළ පිල් බෙදී වාද විවාද කරද්දී විවිධ අර්බුද පසුගිය කාලයේ සිටම ඇතිවූ බවත් මෙවැනි යෝජනාවන් එකාමෙන් එක්සත්ව සම්මත කර ගැනීම ආදර්ශයක් බවත් යැයිද කතානායකවරයා සඳහන් කළේය. පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙය ඉතා සුවිශේෂී සිද්ධියක් විය හැකි යැයිද කතානායකවරයා සඳහන් කළේය.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment