අතුල ශ්‍රී ගමගේ ජීවිතයෙන් සමුගැනීම මහත් සංවේගයට කාරණයක් – පදලංගල ධම්මදේව හිමි

144

අතුල නිහතමානී කලාකරුවෙක් – ජානක වික්‍රමසිංහ

අතුල ශ්‍රී ගමගේ ජීවිතයෙන් සමුගැනීම මහත් සංවේගයට කාරණයක් - පදලංගල ධම්මදේව හිමි

දශක තුනකට එහා ගිය කාලයක් තිස්සේ සුවහසක් රසිකයන්ගේ සිත් සතන් සනහාලු සොඳුරු හදවතක් තිබූ ගායන ශිල්පි අතුල ශ්‍රී ගමගේ මහතා මෙලෙසින් ජීවිතයෙන් සමු ගැනීම ලාංකික ජනතාව මහත් සංවේගයට පත් වූ කාරණාවක් වූ බව අතුරුගිරිය සීවලී අසපුවේ විහාරාධිපති පූජ්‍ය පදලන්ගල ධම්මදේව හිමිපාණන් වහන්සේ පැවසූහ. පදලන්ගල ධම්මදේව හිමිපාණන් එසේ පැවසුවේ අතුල ශ්‍රී ගමගේ මහතාගේ අවමඟුල් උත්සවයේ කටයුතු කඩුවෙල කොතලාව පට්ටියවත්ත පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවති අවස්ථාවේදී අවමඟුල් සභාවේ අනුශාසනාවක් කරමිනි.

මිය යනවිට හැට වන 60 වියෙහි සිටි අතුල ශ්‍රී ගමගේ මහතා දූ දරුවන් තිදෙනකුගේ සෙනෙහෙබර පියෙකි. තවදුරටත් අදහස් දැක්වූ පදලන්ගල ධම්මදේව නාහිමිපාණෝ මෙසේද පැවසූහ. මුතු කඳුළින් දෙනෙත පිරි මේ රුදුරු සැඳෑවේ අපට පිටු පා සිටියත් සොඳුරු කලාකරුවාණෙනි, ඔබ ආත්මයෙන් ආත්මයේ අප අතර නැවත ඉපදේවායි ප්‍රාර්ථනා කරමු.

ගායන ශිල්පී ජානක වික්‍රමසිංහ මහතා- අතුල දක්ෂ කලාකරුවෙක්. ඒ වගේම ඔහුගේ ගතිගුණවලට කාටවත් ඔහුව තුලන කරන්න බැහැ. ඒ තරමට නිහතමානි කලාකරුවෙක්.

මාධ්‍යවේදී ඉන්ද්‍රවීර සුරවීර මහතා –

අතුලගෙ ගීත බොහොමයක් හෘදයාංගම ගීත. ඔහුගේ ගීත දහස් සංඛ්‍යාත රසිකයන්ගේ හදවතේ ගැඹුරේ තිබුණා.

අතුල ශ්‍රී ගමගේ ජීවිතයෙන් සමුගැනීම මහත් සංවේගයට කාරණයක් - පදලංගල ධම්මදේව හිමි

කඩුවෙල මහ නගර සභාවේ හිටපු නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා – අතුල ශ්‍රී ගමගේ කඩුවෙල ට ආභරණයක්. ඔහු නිසා කඩුවෙල බැබලුණා. මේ අවස්ථාවේදී අතුල ශ්‍රී ගමගේ මහතා වෙනුවෙන් කලාකරුවෝ, දේශපාලනඥයෝ බොහෝ පිරිසක් ගුණ කථන පැවැත්වූහ. අවමංගල සභාවේ කටයුතු අවසානයේදී ආදාහන කටයුතු සඳහා දේහය මාලබේ තලාහේන පොදු සුසාන භූමිය වෙත ගෙනියන ලදී. හිරු බැස යන සැන්දෑ යෑමෙදී පවුලේ ලැබැඳියන්ගේ, සුවහසක් රසිකයන්ගේ, හිතවතුන්ගේ හදවත් රිදවමින් අතුල ශ්‍රී ගමගේ සොඳුරු ගායකයාගේ, මිනිසාගේ සුසුමන් පාවී හැඟුමන් යාවී, මිලින පැතුම් මල් සුළඟේ පාවී ගියේය.

ප්‍රියන්ත මද්දුම ආරච්චි -මුල්ලේරියාව

advertistmentadvertistment
advertistmentadvertistment