එස්. අයි. ඇඳුම් ඇන්ද කොස්තාපල් අත්අඩංගුවට

1536

පෑලියගොඩ පොලිසියේ සේවය කළ කොස්තාපල්වරයකු උප පොලිස් පරීක්‍ෂකවරයෙකුගේ නිල ඇඳුම්වලින් සැරසී විෂමකාරී ක්‍රියාවල යෙදුණු බවට ලැබුණු තොරතුරු අනුව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. මොහු ළඟ තිබූ පිටස්තර පුද්ගලයන් දෙදෙනකුගේ හැඳුනුම්පත් සහ පොලිස් නිල ඇඳුම් පිළිබඳ තොරතුරු අඩංගු පොතක් ද පොලිසිය මගින් සොයාගෙන ඇත.

මෙම කොස්තාපල්වරයා මීට පෙර මීගමුව පොලිසියේ සේවය කර ඇති අතර දැනට මාසයකට පෙර මොහු මෙසේ පෑලියගොඩ පොලිසියට මාරුකර ඇත.

මේ පිළිබඳව මීගමුව පොලිසිය කීවේ මෙම කොස්තාපල්වරයා මසාජ් ක්ලිනික් ආයතනවලට මෙන්ම වෙනත් විවිධ ස්ථානවලට ගොස් උප පොලිස් පරීක්‍ෂක නිල ඇඳුමෙන් සැරසී කප්පම් ගන්නා බවට ලැබුණු තොරතුරු මත බුද්ධි අංශ මේ පිළිබඳව සෙවිල්ලෙන් පසුවූ බවය.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment