ගොවීන්ට තුවක්කු දෙයි

295

වගා ආරක්‍ෂණය සඳහා ගිනිඅවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි. වගා ආරක්‍ෂණ කටයුතු සඳහා ගිනිඅවි භාවිතය වෙනුවෙන් පෙර පැවති නීති සංශෝධනය කර ඇති අතර එම බලපත්‍ර නිකුත් කිරීම සඳහා තිබිය යුතු වගා භූමි ප්‍රමාණය අක්කර පහක් (05) දක්වා සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ද රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා පවසයි. මේ පිළිබඳව පැහැදිලි කරමින් අමාත්‍යවරයා පැවසුයේ වසරක් තුළ විවිධ වන සතුන් හේතුවෙන් විශාල වශයෙන් බෝග විනාශයට පත් වන බැවින් කාලීන අවශ්‍යතාවයක් ලෙස සලකා මේ පියවර ගත් බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment