නතාෂාට ඇප දෙන්නැයි මහාධිකරණයෙන් නියෝග

1016

අන්තර්ජාල ඔස්සේ ආගමික සමගියට බාධා කිරීම සහ වෛරය වැපිරීම යන චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නතාෂා එදිරිසූරිය වෙත කොළඹ මහාධිකරණය අද රුපියල් ලක්ෂයක පෞද්ගලික ඇපයක් මත ඇප නියම කර තිබේ. මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙම නියෝගය නිකුත් කර ඇත. එක්සත් ජාතීන්ගේ සීවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ සදහන් වැරදි සම්බන්ධයෙන් කරුණු අනාවරණය නොවන නිසා සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අවශ්‍ය නොවන බව ද මහාධිකරණ විනිසුරුවරයා සදහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment