මහා පරිමාණ මෝල්හිමියන් වී කුණු කොල්ලයට ගත්තත් හාල් ටික අඩුවට දෙන්නේ නෑ

94
  • පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන්

මේ වනවිටත් මහා පරිමාණ මෝල් හිමියන් එක්වී ගොවියාගේ වී තොග කුණු කොල්ලයට මිලදී ගනිමින් සිටින බැවින් ඉදිරියේදී ද සහල් අඩු මිලට ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාවක් නොලැබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (20 දා) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

අද මුළු රටේම වී ගොවියාට බලවත් අසාධාරණයක් සිදු වෙලා. මේ වනවිට මාදුරුඔය ව්‍යාපාරයේ සහ පරාක්‍රම සමුද්‍රයේ ජලය නිකුත් කරනවා. හැබැයි තාම ගොවියෝ මඩ වැඩ කරනවද නැද්ද කියලා තීරණය කරලා නැහැ. කෘෂිකර්ම ඇමතිතුමා දිගින් දිගටම කිව්වේ ගොවියන්ට මහ කන්නයේ පොහොර ටික වගේම අවශ්‍ය ඉන්ධනත් ලබා දෙනවා කියලා. නමුත් කියන්න කනගාටුයි අදටත් කොහෙන්ද පොහොර

ගන්නේ කොච්චර ප්‍රමාණයක් පොහොර ලබා දෙනවාද? කිලෝ 50ක මිටියක් කීයටද ලබා දෙන්නේ කියන එක රජය තවම දැනුවත් කරලා නැහැ. ඒ වගේම යල කන්නයේ අස්වැන්න 40%කින් අඩු වෙච්ච

ගොවියාගේ වී ටික තවමත් අලෙවි කරගන්න බැරුව තියනවා. අද මේ රජය කිව්වා වී ගන්නවා කියලා නමුත් කිසිම තැනක අරගෙන නැහැ. ඒ අතරේ මහා පරිමාණයේ මුදලාලිලා බලාගෙන ඉන්නවා තවත් වී මිල අඩු වෙනකන්. පසුගිය දිනවල කෘෂිකර්ම ඇමැති තුමා සහ ප්‍රධාන පෙළේ වී මෝල් මුදලාලිලා සමග සාකච්ඡා කළා. ඒ අවස්ථාවේදී මුදලාලිලා කිව්වේ වී මිල ගාන මේක තමයි. ඒ මිලට ගත්තොත් අපට දෙන්න පුළුවන් හාල් රුපියල් 200 ට අඩුවෙන් කියලා. හැබැයි අදටත් හාල් 270 යි. අපි එදා පාර්ලිමේන්තුවේ කිව්වේ යල කන්නය අවසන් වෙනකොට වැඩි වෙච්ච ඉන්ධන මිලට සහ පොහොර වෙලාවට නොලැබීම නිසා අස්වැන්න අඩුවුණ ගොවියාගේ වී ටික 150ට

ගන්න කියලා පාර්ලිමේන්තුවේ කිව්වා. විපක්ෂ නායක තුමා ඇතුළු අපි දිගින් දිගටම පාර්ලිමේන්තුවේ කිව්වා වී ටික 150ට ගන්න කියලා. එහිදී කිහිපදෙනෙක් මෝල් හිමියන්ගේ හෙංචයියෝ කිව්වා, වී 150ට අරගෙන හාල් 300ට ද පාරිභෝගිකයාට දෙන්නේ කියලා මම අහන්න කැමතියි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment