පියා පහර දුන්නැයි සිත් තැවුලට පත් සිසුවිය මරු තුරුළට

906

පියා විසින් පහර දුන්නේ යැයි කියන සිද්ධියකට සිත් තැවුලට පත් පාසල් දැරියක් පෙරේදා (01 දා) පස්වරුවේ නිවස තුළදී ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව තලවකැලේ පොලිසිය පැවසීය.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ තලවකැලේ වටගොඩ වත්ත ඉහළ කොටසේ පදිංචි ජීවරාජන් රදිප්‍රියා නමැති 15 හැවිරිදි පාසල් සිසුවියයි.

සිසුවියගේ මව රැකියාවක් සඳහා විදේශගත වී ඇති බවත්, පියාගේ පහරදීමෙන් සිත් තැවුලට පත් සිසුවිය නිවස තුළදී ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදුකළ තලවකැලේ පොලිසියට අනාවරණය වී ඇත. මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකරන බව තලවකැලේ පොලිසිය පැවසීය.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment