පොල් වල්ලක් හිසමතට වැටී  තෙහැවිරිදි දැරිය මරුට – ඇය වඩාගෙන පැමිණි සීයාටත් තුවාල

711

ඉකුත් 12 වෙනිදා ඌරුබොක්ක කීරිපිටියේ අවුරුදු තුන හමාරක දැරියකගේ හිස මතට කඩා වැටුණු පොල් වල්ලක් නිසා ඇය ජීවිතක්ෂයට පත්ව ඇත. මෙසේ මියගොස් ඇත්තේ ඌරුබොක්ක කීරිපිටිය, ගල්ගොඩහේන ඒ. ඩී. සිලුනි සත්සරා නමැති අවුරුදු තුන හමාරක දැරියකි.

මෙම දැරිය නිවසට නුදුරින් පිහිටි සිය ලොකු තාත්තාගේ නිවසට ගොස් සිටියදී ඇගේ සීයා යළි ආපසු නිවසට වඩාගෙන එද්දී නිවස ආසන්නයේ වූ අඩි 50 ක් පමණ උස පොල් ගසකින් තලා වැටුණු පොල් වල්ලක් වැටී මෙම අනතුර සිදුවී තිබේ.

ඇය වහාම ඌරුබොක්ක හීගොඩ රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතය හැර ගොස් තිබුණි. දරුවා රැගෙන ආ පුද්ගලයා ද තුවාල ලබා ඌරුබොක්ක හීගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි. ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. බෙරලපනාතර හදිසි මරණ පරීක්ෂක එන්. කේ. නිශාන්ත මහතා මරණ පරීක්ෂණය සිදු කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර මාතර අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කොට ඇත. ඌරුබොක්ක පොලිසිය පරීක්ෂණ මෙහෙයවිය.

එච්. ආර්. ප්‍රේමතිලක – ඌරුබොක්ක
 

advertistmentadvertistment
advertistmentadvertistment