ත්‍රිමලේ වරායේ අක්කර 2000ක් පෞද්ගලික අංශයට

378

ත්‍රිකුණාමල වරායේ අක්කර 2000ක් දැවැන්ත ව්‍යාපාර සඳහා පෞද්ගලික අංශයට ලබාදීමට රජය තීරණය කර තිබේ. මෙය තුළින් ඩොලර් බිලියන 175ක ආයෝජනයක් රජය බලාපොරොත්තු වෙයි.මෙහි නැව් අලුත්වැඩියාව, නැව් ඉදිකිරීම්, තෙල් පිරිපහදුවක් පොහොර සහ ඛනිජ සම්පත් යන කර්මාන්ත ආරම්භ කෙරේ.මේ සඳහා ළඟදීම ටෙන්ඩර් කැඳවයි.ආරක්‍ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්ථානයක් විදේශිය සමාගම්වලට ලබාදීමට රජය තීරණය කළ මුල්වතාව මෙයයි.රජයේ ආරංචිමාර්ග පැවසුවේ ඩොලර් බිලියන 3ක් වැයකර තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට ඇමරිකානු සමාගමක් දැනටමත් රජයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment