චැනල් ෆෝ කැරැට්ටුව දස වසරකට පසු හෙළිවෙයි

1677

ශ‍්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ කළ බවට වීඩියෝ චිත‍්‍රපට 2ක් නිපදවූ බි‍්‍රතාන්‍යයේ චැනල් – ෆෝ රූපවාහිනි සේවා බි‍්‍රතාන්‍යය රජයට අයත් බව වසර 10කට පසු හෙළි වී ඇත.

මෙය හෙළි වූයේ එහි සභාපති බැරක් ගේ‍්‍රඞ් චැනල් ෆෝ රූපවාහිනිය පුද්ගලික අංශයට විකිණීමට තීරණය කිරීමෙනි.

චැනල් ෆෝ නිපද වූ කිලිංපිල්ඞ් චිත‍්‍රපටය නිසා ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර ප‍්‍රජාව තුළ බරපතළ යුධ අපරාධ චෝදනා එල්ල විය.

මෙම චිත‍්‍රපටයට එරෙහිව ශ‍්‍රී ලංකා රජය දැඩි විරෝධය පෑවිට චැනල් ෆෝ බි‍්‍රතාන්‍ය රජයේ ආයතනයක් කොට පුද්ගලික අංශයේ ස්ථානයක් බවට ප‍්‍රකාශ කර තිබුණි.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment