බඩුමුට්ටුත් අස්කරගෙන පොලිස්පති විශ්‍රාම යයි – අලුත් නමක් තාමත් නෑ

415

වැඩබලන කෙනෙකු පත්කිරීමේ සූදානමක්

පොලිස්පති ධුරයේ සහ වැඩබලන පොලිස්පති ධුරයේ වසර හතරකට ආසන්න කාලයක් රාජකාරි කළ සී. ඩී. වික්‍රමරත්න මහතා පසුගිය 24 වැනිදා සිය ධුරයෙන් විශ්‍රාම ගියේය. පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ ඒ මහතා සිය නිල කාමරයේ තිබූ තමන්ට අයත් සියලු භාණ්ඩ සහ ලිපිගොනු ඉවත්කර ගත් බවයි.

සී. ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගිය ද මේ වන තුරුත් නව පොලිස්පතිවරයකු පත් කිරීමට රජය කටයුතු කර නැත. නව පොලිස්පතිවරයකු සඳහා නමක් හෝ මේ වනතුරු තමන් වෙත ලැබී නොමැති බව ව්‍යවස්ථාදායක සභාවේ ආරංචි මාර්ග පැවසීය.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක, දේශබන්ධු තෙන්නකෝන් සහ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ගෙන් එක් අයකු වැඩබලන පොලිස්පති ධුරය සඳහා පත් කිරීමට නියමිත බවයි.

සී. ඩී. වික්‍රමරත්න මහතාට අවස්ථා 4 කදීම සේවා දීර්ඝ කිරීම් ලබා දීමට රජය කටයුතු කළ අතර අවස්ථා දෙකකදීම එම පත්වීම් ප්‍රතික්‍ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාව කටයුතු කර තිබිණි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment