දිල්ලි කැපිටල්ස්ට ලකුණු 20ක ජයක්

64

දිල්ලි කැපිටල් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පෙරේදා (07 වැනිදා) පැවති අයිපීඑල් තරගයෙන් ලකුණු 20ක ජයක් අත්කර ගැනීමට දිල්ලි කණ්ඩායමට හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 221ක් රැස් කර ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ කඩුලු 8ක් දැවී ලකුණු 201ක් පමණි.

දිල්ලි කණ්ඩායම වෙනුවෙන් ජැකි පර්සර් පන්දු 20කින් ලකුණු 50ක් ලබාගත් අතර අභිෂේක් පොරිල් පන්දු 36කට ලකුණු 65ක් ලැබීය.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත් කළ නායක සංජු සැම්සන් පන්දු 46කින් ලකුණු 86ක් ලබාගත්තේය.

රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 24කට කඩුලු 3ක් දවා ගත් අතර දිල්ලි කණ්ඩායම වෙනුවෙන් කලීල් අහමඩ්, මුකේෂ් කුමාර් සහ කුල්දීප් යාදව් කඩුලු දෙක බැගින් දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment