පශ්චාත් භාගයේ සඟවාගෙන පානමේ ධීවරයන්ට කුඩු ඇද්ද තරුණයා තණමල්විලදී මාට්ටු

52

තණමල්විල පොලිසියට ලද තොරතුරක් මත කොළඹ සිට මොනරාගල දක්වා ධාවනය වෙමින් තිබූ අධි සුඛෝපභෝගී බස්රථයක් තණමල්විල නගරයේදී පෙරේදා (07 දා) පරීක්ෂා කිරීමේදී ගුද මාර්ගයේ හෙරොයින් සඟවාගෙන සිටි තරුණයකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තරුණයා පරීක්ෂා කිරීමේදී ඔහු ඇඳ සිටි ඇඳුම්වල සහ අත්බෑගයේ හෙරොයින් තිබී නැති අතර සැකකරු තණමල්විල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත්කොට පරීක්ෂා කිරීමේදී ගුද මාර්ගයේ සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 340ක් සොයාගෙන තිබේ. සැකකරු පානම උතුර පදිංචි 34 වන වියෙහි පසුවන අයෙකි.

ඔහු කලක සිට මහරගම ප්‍රදේශයේ සිට හෙරොයින් පානම ප්‍රදේශයට ගෙනැවිත් ධීවර කාර්මිකයින්ට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇත. සැකකරු සහ හෙරොයින් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ. තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී. එම්. පී. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment