ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කාත් අත්අඩංගුවට

56

ප්‍රශ්න සහගත ඉමියුනොග්ලොබියුලින් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (08දා) සවස අත්අඩංගුවට ගන්නා ලදී.

එම ඖෂධ වංචා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කරන ලද දැනුම් දීමකට අනුව එම මහතා ඊයේ පෙරවරුවේ පැමිණි අතර පැය අටකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගන්නා ලදි. ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් පරිදි මෙම ඖෂධ මිලදීගෙන ඇත්තේ මෙම වෛද්‍යවරයාගේ නිර්දේශ මත බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඔහු අද (09) උදෑසන මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම ඖෂධ වංචා සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු අටදෙනකු බන්ධනාගාර ගතකර ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment