සුසිල් අනුමත කරයි – සජිත් ළඟට එන්න කියයි

720

මිලියන 3410 මැද අමුතු කතා:

මැතිවරණය ඉලක්ක කර ගෙන එක් පළාත් පාලන ආයතනයකට රුපියල් මිලියන 10 බැගින් පළාත් පාලන ආයතන 341කට මිලියන 3410ක් වෙන් කරමින් රජය සිදු කිරීමට යන්නේ මුදල් නාස්තියක් බවත් ඒ වෙනුවට රජයේ පාසල් 3400කට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරය බැගින් ලබා දිය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08දා) පැවසීය.

විපක්ෂ නායකවරයාගේ එම අදහස සභාවේ සිටි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ද අනුමත කර සිටි අතර එහිදී සජිත් ප්‍රේමදාස මහතා තමා සමග එක්වන ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතාට ප්‍රසිද්ධ ආරාධනාවක් ද සිදු කළේය. “අධ්‍යාපන අමාත්‍යතුමාට කොහෙන්වත් ආරාධනාවක් ලැබුණේ නෑ. ඒ උනත් මගෙන් නම් ආරාධනාවක් තිබෙනවා. යාළු හිතවත්කමට නෙමෙයි, ඔබතුමාගේ දැනුම කේන්ද්‍ර කරගෙනයි මා ඒ ආරාධනාව කරන්නේ” යනුවෙන්ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ රජය විසින් පළාත් පාලන ආයතන කමිටු ඇති කර එම එක් කමිටුවකට රුපියල් මිලියන 10 බැගින් වෙන් කිරීමට සැරසීම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment