මධ්‍යම පළාත් මැරතන් තරගය – ශිව රාජන් හා හේරත් ජය ගනිති

85

48 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම වෙනුවෙන් පැවති මධ්‍යම පළාත් මැරතන් තරගයේ ජය හිමිකර ගැනීමට ශිව රාජන් හා ඩබ්ලිව්.එම්. හේරත් යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

මෙම තරගයේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කළ ශිව රාජන් ට හිමි වූ අතර දෙවන ස්ථානය නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කළ කේ.

සමුගේෂ්වරන් ද තෙවන ස්ථානය මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදීප් කුමාර මල්ගම්මන ද හිමිකර ගැනීමට සමත් වූහ.

කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ එච්.එම්.ඩබ්ලිව්.එම්. හේරත් විසින් ද දෙවන හා තෙවන ස්ථානයන් පිළිවෙළින් නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කළ වී. ක්‍රිෂාන්තිනී හා ඒ. අනූෂා හිමිකර ගැනීමට සමත් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment