සනත් ඛෙත්තාරාමයෙන් වැඩ අරඹයි

582

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකයකු ලෙස පත් කළ හිටපු ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය මහතා කොළඹ ආර්. ප්‍රේමදාස (ඛෙත්තාරාම) ක්‍රීඩාංගණයේ පිහිටි උසස් ක්‍රීඩක දක්ෂතා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී අද (15 වැනිදා) සිය රාජකාරි ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

ඊට අදාළ පත්වීම් ලිපිය සනත් ජයසූරිය මහතා ඊයේ උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ලබාගත් බවද වාර්තා වේ. උපායමාර්ග සැලසුම් කිරීම, තාක්ෂණික අංශ මෙන්ම පුහුණුව, පුහුණු කිරීම සහ ජාතික කණ්ඩායමේ සමස්ත සංවර්ධනය යන අංශ කරා ජයසූරියගේ මෙම භූමිකාව දිගුවේ. ඒ අනුව සනත් ජයසූරියගේ මෙහෙයවීම මත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම, ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ සියලුම ජාතික සංචිතවල වගකීම සහ උසස් ක්‍රීඩක දක්ෂතා කළමනාකරණ මධ්‍යස්ථානයේ වගකීම් ක්‍රියාත්මක වනු ඇත. ඔහුගේ ධූර කාලය වසරක් සඳහා වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment