රටේ හදවත පණගන්වන ලංවිම මෙහෙයුම

96

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා ව්‍යාපාර සඳහා සහායක් ලබාදීම තුළින් කර්මාන්තකරුවන්ට උත්තේජනයක් ලබාදී රටේ ආර්ථිකයේ සක්‍රීය කොටස්කරුවන් බවට පත්කර ගැනීම ලංවිම අරමුණ වී තිබේ.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ව්‍යාපාර සඳහා නව තොග විදුලි සැපයුම් සබඳතා ලබා ගැනීමට පහසු ගෙවීම් යෝජනා ක්‍රමයක් හඳුන්වාදීම එහි එක් පියවරක් වේ.

රටක තිරසාර ආර්ථික වර්ධනයක් උදෙසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දායකත්වය බෙහෙවින් ඉවහල් වේ.

රටේ හදවත පණගන්වන ලංවිම මෙහෙයුම

කාර්මික වශයෙන් දියුණු මෙන්ම දියුණු වෙමින් පවතින රටවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය ඉතා ප්‍රචලිතය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා, වෙළඳාම, කෘෂිකර්මාන්තය, නිෂ්පාදන ඇතුළු විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍රවල විහිද පැතිර ඇත.

ව්‍යාපාර අධ්‍යයන විෂයේ දී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රටක “හදවත” ලෙස සලකනු ලබන්නේ එම ව්‍යාපාර ආර්ථික සංවර්ධනය සඳහා ඉතා ඉහළ දායකත්වයක් සැපයුණු ලැබීම නිසාය.

එකී ව්‍යාපාර රටක “හදවත” ලෙස හැඳින්වුවද පසුගිය කාලය පුරා එම ව්‍යාපාරවලට අත් වූ ඉරණම එතරම් සුබදායක නොවේ. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගිය 2023 වසරේ සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵල අනුව පසුගිය සමය තුළ කුඩා ව්‍යාපාර 6900 ක්ද මධ්‍ය පරිමාණ ව්‍යාපාර 1800 ක් ද වැසී ගොස් තිබිණි. අප වැනි කුඩා රටක එවන් තත්ත්වයක් නිර්මාණය වීම තුළින් ආර්ථිකයට කරන බලපෑම අමුතුවෙන් කිව යුතු නොවේ.

එබැවින් මෙහි ඇති බරපතළකම තේරුම් ගත් ලංකාවේ විදුලි බල මණ්ඩලය එකී ව්‍යාපාර සඳහා සහායක් වීම පිණිස සුවිශේෂී ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබ තිබේ.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා ව්‍යාපාර සඳහා සහායක් ලබාදීම තුළින් කර්මාන්තකරුවන්ට උත්තේජනයක් ලබාදී රටේ ආර්ථිකයේ සක්‍රීය කොටස්කරුවන් බවට පත්කර ගැනීම ලංවිම අරමුණ වී තිබේ.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ව්‍යාපාර සඳහා නව තොග විදුලි සැපයුම් සබඳතා ලබා ගැනීමට පහසු ගෙවීම් යෝජනා ක්‍රමයක් හඳුන්වාදීම එහි එක් පියවරක් වේ.

එහිදී මූලික ගෙවීම් සියයට 25 ක් පමණක් ලෙසත්, අඩු පොලී අනුපාතයක් අය කිරීමත් හා ඒ සඳහා මාස හතරක සහන කාලයක් ලබා දීමත් ඇතුළු වාසි රැසක් එකී ව්‍යාපෘතිය තුළින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා ව්‍යාපාර සඳහා ලබා දී තිබේ.

මේ වන විට එකී පහසු ගෙවීම් යෝජනා ක්‍රමය තුළින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ව්‍යාපාර නව තොග විදුලි සැපයීම් සබඳතා රැසක් ලබා ගෙන ප්‍රතිලාභ අත්විඳිමින් තිබේ.

විදුලියේ වැය බරට සහනයක් සපයනු වස් ලබා දී ඇති මෙම යෝජනා ක්‍රමය පිළිබඳ වැඩිදුර තොරතුරු පැය 24 පුරා ක්‍රියාත්මක 1987 ක්ෂණික දුරකථන ඇමතුම් අංකයෙන් හෝ ඔබගේ ලංවිම ප්‍රාදේශීය කාර්යාලය වෙත පිවිස ලබාගත හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

රවිඳු ආර්. තෙවරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment