ජනපති අපේක්‍ෂකයෝ ඇවිත් යනවා ඉල්ලන්නේ නෑ

522

ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකත්වය ලබා දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයකු හෝ පක්ෂයෙන් පිට වෙනත් දේශපාලන නායකයකු මෙතෙක් ඉල්ලීම් කර නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා “දිවයින ඉරිදා” සංග්‍රහයට කීය.

තමන් හමුවීමට දේශපාලනඥයන් බොහෝදෙනෙකු පැමිණ තම සුවදුක් විමසා යනවා හැරෙන්නට ජනාධිපති අපේක්ෂකත්වය ගැන ඉල්ලීම් නොකරන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර තමන් ඉදිරියටත් සක්‍රීය දේශපාලනයේ නිරතවන බවද දේශපාලනයෙන් සමුගැනීමට අදහසක් නැති බවද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment