විමල්-ඩලස්-උදය වාම පෙරමුණක්

188

රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නායකත්වයෙන් ඇති දේශපාලන බලවේගවලට එරෙහිව විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, රොෂාන් රණසිංහ, දයාසිරි ජයසේකර ඇතුළු පිරිසකගෙන් සමන්විත වාමවාදී ජාතික පෙරමුණක් ගොඩනැංවීම සඳහා මේ වනවිට දේශපාලන සාකච්ඡා ආරම්භ කර ඇත.

මෙම නව පෙරමුණ සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා රැසක් පැවැත්වෙමින් පවතින අතර ඉදිරියේදී ඊට ආණ්ඩු පක්‍ෂයේ දේශපාලනඥයන් රැසක් ද එක්වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණය, මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් පිහිටු වනු ලබන මෙම නව පෙරමුණ මෙවර මැයි දිනය සැමරීමට වෙනම රැළියක් ද පැවැත්වීමට කතිකා කරමින් සිටින බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment