පරිසර හිතකාමී ඉකෝ ලේබලය එයි

52

ශ්‍රී ලංකා ජාතික පින්තාරු නිෂ්පාදනය (NCPC) සහ ඉකෝ ලේබලය විප්ලවීය වෙනසක් සඳහා එක් පියවරක් යන මැයෙන් ඉහළ මට්ටමේ සම්මේලනයක් පසුගියදා කොළඹ දී පවත්වන ලදී.

මෙම සම්මේලනයේ දී තිරසාර සහ පරිසර හිතකාමී නිෂ්පාදන සහ සේවා ව්‍යාපාර සඳහා ඉකෝ ලේබලය හඳුන්වාදෙන ලදී.

ඉකෝ ලේබල් සංකල්පය ලොව පුරා ව්‍යාපාර අතර වැඩි වැඩියෙන් ජනප්‍රිය වී ඇති අතර දිනෙන් දින වැඩිවන පාරිභෝගික ඉල්ලුම මත පරිසර හිතකාමී බව සහතික කිරීමට ඉකෝ ලේබලය ඒ සඳහා පිටිවහලක් වනු ඇති බවත් මෙම සම්මේලනයේදී අනාවරණය විය. මෙම අවස්ථාවට තේ, කිරි, ඉදිකිරීම්, පේෂකර්ම සහ ඇඟලුම්, සෙරමික් සහ පෝසිලේන් සහ කාර්යාල උපකරණ යන නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් සහභාගි විය. මෙම කර්මාන්ත සඳහා ඉකෝ ලේබල් යෙදීම පරිසර හිතකාමී බව සමාජීය ආර්ථිකමය ප්‍රතිලාභ පැමිණ සිටි නියෝජිතයන් විසින් පෙන්වා දෙන ලදී.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ආසියාවේ තිරසාර පරිභෝජනය සහ නිෂ්පාදනය පැතිරීම ව්‍යාපෘතියෙහි අධ්‍යක්‍ෂිකා විලාසිනි පොනුජපායි, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී සමන්ත කුමාරසේන යන මහත්වරු සහ විදේශීය නියෝජිතයන් සහභාගි වූහ.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment