ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතෙහි වගන්ති 15ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකට දන්වයි

61

ආයුර්වේද (සංශෝධන) නමැති පනත් කෙටුම්පතෙහි වගන්ති 15ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වන බැවින් එය සම්මත කිරීමට නම් විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කරනු ලැබීමෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි බව එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කථානායක වෙත ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවට නිවේදනය කරමින් කීය.

නියෝජ්‍ය කතානායක ඒ සම්බන්ධයෙන් මෙසේ නිවේදනය කළේය. ආයුර්වේද (සංශෝධන) නමැති පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මතු සඳහන් පරිදි වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ 54 පිටුවේ දක්වා ඇති සංශෝධන පනත් කෙටුම්පතට සිදු කළහොත් මෙම අනනුකූලතාවය අවසන් වනු ඇත.

(4) ප්‍රධාන පනත සංශෝධනය කිරීමට අපේක්ෂා කරනු ලබන වෙනත් කරුණු අතර, ප්‍රධාන පනතේ 13(1) වගන්තියේ (ඉ) සහ (ඊ) උපවගන්ති ඉවත් කරනු ලබන පනත් කෙටුම්පතේ 13 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකිය.

ප්‍රධාන පනතේ 13(1) වගන්තියේ (ඉ) සහ (ඊ) උපවගන්ති ඉවත් නොකිරීමෙන් මෙම අනනුකූලතාවය අවසන් වනු ඇත. (5) පනත් කෙටුම්පතේ 24(1)(අ), 25 සහ 46(2) වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය. එම වගන්ති ඉවත් කිරීමෙන් අනනුකූලතාවය අවසන් වනු ඇත; සහ

(6) පනත් කෙටුම්පතේ 46(1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ 55 පිටුවේ දක්වා ඇති සංශෝධන පනත් කෙටුම්පතට සිදු කළහොත් මෙම අනනුකූලතාවය ඉවත් වනු ඇත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment