ප්‍රතිව්‍යුහගතකරණයට සජබත් සූදානම්

382

සමගි ජන බලවේගය ආණ්ඩුවක් යටතේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ජනතාවාදී වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ජනතාවාදී වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතුයි. රාජ්‍ය ආයතනවල සිටින පිරිසගේ අයිතීන් සුරක්ෂා වන වැඩපිළිවෙළක් හරහා ප්‍රතිව්‍යුහගත කිරීම්වලට යන්න සිදුවෙනවා. පාඩු ලබන ආයතන බදු ගෙවන්නන්ගේ බදු මුදුල්වලින් පෝෂණය කිරීමට හැකියාවක් නෑ. ඒ නිසා සේවක අයිතිවාසිකම් සුරක්ෂා කරගෙන රාජ්‍ය හා රාජ්‍ය නොවන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. යැයි හෙතෙම පසුගියදා පාර්ලිමේන්තුවේ දී කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment