ගිය අවුරුද්දේ බිලියන 7928.7 කින් ණය වැඩි වෙලා

77

ගිය වර්ෂයේ (2022) ශ්‍රී ලංකා රජය ලබාගත් සම්පූර්ණ ණය ප්‍රමාණය රු. බිලියන 7928.7 කින් (රු.කෝටි 792,870 කින්) ඉහළ ගොස් ඇත.

මේ අනුව 2021 වර්ෂය අගදී වාර්තා වූ රු. බිලියන 17589.4 ක්වූ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ගිය වර්ෂය (2022) අග වනවිට රු. බිලියන 25518.1 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මුළු ණය තුළ අන්තර්ගත දේශීය ණය ප්‍රමාණය 2021 වසර අගදී පැවති රු. බිලියන 11097.2 සිට 2022 වසර අග වනවිට රු. බිලියන 13731.9 දක්වා ඉහළ ගොස් ඇති අතර මුළු ණය තුළ අන්තර්ගත මුළු විදේශ ණය ප්‍රමාණය 2021 වසර අගදී පැවැති රු. බිලියන 6492.2 සිට 2022 වසර අග වනවිට රු. බිලියන 11786.2 දක්වා ද ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment