කළුතර පොහොට්ටු රැලියේ මල්වෙඩිවලින් පොලිස් ජීප් රියකට හානි

69

කළුතර දකුණ ප්‍රදේශයේදී පෙරේදා (30 දා) පැවති පොදුජන එක්සත් පෙරමුණ රැලිය අවසානයේදී මල්වෙඩි සහ රතිඤ්ඤා පත්තු කළ අවස්ථාවේ ඒ ආසන්නයේ නතර කර තිබූ පොලිස් ජීප් රථයකට හානි සිදුවී ඇත.

මල්වෙඩි සහ රතිඤ්ඤා පිපිරී යෑම නිසා ජීප් රථයේ වීදුරුවලට හානි සිදුවී තිබේ. පයාගල පොලිසියේ ජීප් රථයට සිදුවූ මෙම හානිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.
නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment