ෂම්මිගේ ක්‍රිකට් පෙත්සම අද යළි විභාගයට

21

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම අද (28 දා) දක්වා කල්දැමීමට අභියාචනාධිකරණය ඊයේ (27 දා) නියෝග කළේය.

සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන් හමුවේ එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කළ අර්ජුන රණතුංග මහතා ප්‍රමුඛ අතුරුපාලක මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වනු ලැබීය. සිය සේවාදායකයන් ඇතුළු වගඋත්තරකරුවන් නොතිසි භාරදුන් බවට අධිකරණයට අසත්‍ය කරුණු ඉදිරිපත් කර පෙත්සම්කාර ශ්‍රී ලංකා ආයතනයේ සභාපතිවරයා අධිකරණයෙන් අතුරු තහනම් නියෝගය ලබාගෙන ඇතත් මේ දක්වා ඔවුන් කිසිවකුට නොතිසි ලැබී නැතැයිද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විනිසුරු මඬුල්ලට පැවසීය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment