දුම්රිය ස්ථානවලට පොලිසිය – හමුදාව කැඳවයි

87

කොළඹ – කොටුව, මරදාන, රාගම, වේයන්ගොඩ, මහනුවර, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, මීරිගම, නුගේගොඩ, මහරගම ඇතුළු තවත් දුම්රිය ස්ථාන රැසක දේපල දුම්රිය රියදුරන්ගේ හා සේවකයින්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිසිය හා යුද හමුදාව ඊයේ (13 වැනිදා) අලුයම සිට යෙදවීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය රියදුරන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් මගී ජනතාව ප්‍රකෝපකාරී ලෙස හා කලහකාරී ලෙස හැසිරෙමින් කටයුතු කිරීම නිසා ආරක්‍ෂක අංශ දැනුවත් කරමින් එහි සහාය ලබාගැනීමට කටයුතු කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනාගමන) එන්. ජේ. ඉදිපොලගේ මහතා ‘දිවයින’ට පැවසීය.

දිවයින පුරා දුම්රිය ස්ථාන 350 ක් ඇති බවත් පවතින තත්ත්වය හමුවේ ආවේගශීලීව හැසිරිය හැකි බව නිරීක්‍ෂණය වූ දුම්රිය ස්ථානවලට ආරක්‍ෂාව ඉල්ලා සිටි බවත් හෙතෙම කීය.

ඊයේ උදෑසන ද කොළඹ, කොටුව, මරදාන ඇතුළු දුම්රිය ස්ථාන කීපයකදී වර්ජනයට එක් නොවී දුම්රිය ධාවන කටයුතුවල නිරත වූ දුම්රිය රියදුරන්හට තර්ජන ගර්ජන හා බලපෑම් එල්ල වෙමින් තිබෙන බවට තමාට දැන ගන්නට ඇතැයිද හෙතෙම කීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment