මහ බැංකුව මොනවා කිව්වත් පිරමීඩ ජාවාරම අම්පාරේ ජයටම… දම් සවිය පදනමෙන් දිගාමඩුල්ලේ පිරිවෙන්වලට වියළි ආහාර

318

කොවිඞ් නිසා බොහෝ දෙනෙක්  දැඩිසේ අපහසුවට පත් වෙලයි ඉන්නේ

අම්පාරේ පිරිවෙන් සහ විහාරස්ථානවල හිමිවරුන් ද දැඩි සේ අසීරුතාවට පත් වුණා. කොවිඞ් නිසා පන්සල් වලට ලැබෙන දාන මානත් බොහෝ වෙලාවට නතර වුණා. ඒ නිසා පන්සලේ සකසා ගන්නා ආහාර වේලක් වළඳලා ඇතැම් වෙලාවට වට්ටක්කා ගෙඩියක් තම්බලා වළඳන්නට භික්ෂූන් වහන්සේලාට සිදුවුණා.

අම්පාර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, සක්නද සංවිධානයේ සභාපති ගම්පහ නාරද හිමියෝ ඒ ගැන මෙහෙම කිව්වා.

 අපේ හිමිවරුන් දැඩි සේ අසරණ වෙලා ඉන්නේ. වෙහෙර විහාරස්ථාන වලට වත්මන් තත්ත්වය හමුවේ නිසි පරිදි දාන මාන ලැබෙන්නේ නෑ. ඒ නිසා මා දම් සවිය ජාත්‍යන්තර පදනම සභාපති ජී. ටී. එස්. ගුණතිලක මහතාගෙන් දිගාමඩුල්ලේ වෙහෙර විහාරස්ථාන සහ පිරිවෙන් සඳහා වියළි ආහාර ලබා දෙන්න කියා කළ ඉල්ලීම අනුව එතුමාගේ පින්බර දායකත්වය මත අම්පාර දිස්ත‍්‍රික්කයේ පිරිවෙන් 22 ක සියලූම හිමිවරුන්ට වියළි ආහාර වෙන වෙනම පරිත්‍යාග කරනු ලැබුවා.

 වෙනදා මෙවැනි පරිත්‍යාගයන් ලැබෙද්දී විහාරස්ථානයකට එක් බඩුමල්ලක් පමණයි ලැබුණේ. නමුත් මෙවර දිගාමඩුල්ලේ ප‍්‍රථම වතාවට පමණයි පිරිවෙන් වල වැඩ වාසය කරන, ඉගෙනුම ලබන සියලූම හිමිවරුන්ට වෙන වෙනම ආහාර සහිත බඩු මල්ලක් ලබා දුන්නේ. මේ සඳහා දම් සවිය පදනමෙහි සභාපති ගුණතිලක මහතා තම පෞද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂ තිස් හතරක මුදලක් වැය කරලා තමයි මේ විශිෂ්ට වූ මානව දයාවෙන් පිරිපුන් මේ මහා සත්කාරය සිදුකරේ. මේ වන විට කොවිඞ් 19 නිසා ඇතැම් වෙහෙර විහාරස්ථානවල නිරෝධායනය කර තිබෙන මොහොතක, දානය නොලැබෙන මොහොතක මෙම පරිත්‍යාගය නිසා භික්ෂූන් වහන්සේලාගේ දානය පිළියෙල කර

 ගැනීමට මෙය මහා පිටුවහලක් වුණා. මුදල් පසුපස හඹා යන, මනුස්සකම අමතකර දමා තිබෙන සමාජයක මාගේ ඉල්ලීමට, හිතුවටත් වඩා තම පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙවන් සත්කාරයක් කළ දම් සවිය පදනමේ සභාපති ගුණතිලක මහතාට දිගාමඩුල්ලේ මහා ස`ගරුවනගේ ගෞරවය, ස්තුතිය පුද කර සිටිනවා යයිද ගම්පහ නාරද හිමිපාණන් අ`ඩහැරයට අදහස් දක්වමින් පවසා සිටියහ.

 ඒ පිළිබඳ අදහස් දැක්වූ දම් සවිය පදනමේ සභාපති ගුණතිලක මහතා,

 අපි ශී‍්‍ර ලංකාවේ පුරා දිස්ත‍්‍රික්ක 14 ක පිරිවෙන් 222 සඳහා වැඩ වාසය කරන සියලූම හිමිවරුන් වෙනුවෙන් වියළි ආහාර පරිත්‍යාග කිරීමක් සිදුකරනු ලබනවා. එහි පළමු පියවර වශයෙන් අම්පාර දිස්ත‍්‍රික්කයේ පිරිවෙන් 22 ට වියළි ආහාර පූජා කිරීමේ වැඩසටහන නාමල්තලාව ශෛලබිම්බාරාම විහාරස්ථානයේ පිරිවෙනේ හිමිවරුන්ට වියළි ආහාර පූජා කරමින් ආරම්භ කළා. වසර අටක් තිස්සේ මා දම් සවිය පදනම හරහා විවිධාකාරයේ සමාජ සත්කාර රැුසක් සිදුකරමින් තිබෙනවා. මේ එක් වැඩසටහනක් පමණයි, මෙරට යහපත් සමාජයක් කරන්නට දම් සවිය පදනම හරහා වැඩසටහන් රැුසක් ක‍්‍රියාත්මක කරනු ලබනවා. ජාතියේ මුර දේවතාවන් වන අපගේ ගෞරවණීය භික්ෂූන් වහන්සේලා, ඒ වගේම දැනුම ලබාගන්නා පිරිවෙන්වල හිමිවරු රැක ගැනීමේ අදහසින් තමයි අපි මේ සමාජ සත්කාරය සිදු කළේ.

 මහා බැංකුව මොනවා කිව්වත් පිරමීඩ ජාවාරම අම්පාරේ ජයටම

 මොන නීති දැම්මත් අහිංසක මිනිසුන්ගේ මුදල් ටික කොල්ලකන්න එක එක කාලෙට ජාවාරම් එනවා. මහ බැංකුව විසින් මාධ්‍යයෙන් දැන්වීම් පවා නිතර දෙවේලේ දමමින් පිරමීඩ ජාවාරම පිළිබඳ ජනතාව දැනුවත් කරනවා, අහුවෙන්නට එපා කියලා. ඒත් ජාවාරම්කාරයෝ කලින් කලට අලූත් විදිහට පිරමීඩ ජාවාරම කරගෙන යනවා. මීට වසර කිහිපයකට පෙර

 අම්පාරේ රාජ්‍ය සේවකයෝ ගොඩක් මේකට අහුවෙලා හිටියා. අන්තිමේදී සාමාජික වෙච්ච අයට මෙලෝ දෙයක් නෑ. දීපු සල්ලිත් නෑ, අන්ත අසරණ වෙලා, ඒවා කරපු උන්ට ශාප කර කර ඉන්නවා. ඒ අල්ලපනල්ලේ අලූතින් පිරමීඩ ජාවාරමක් ආයේ අම්පාරේ පටන් අරන්. ඒ පිළිබඳවයි මේ සටහන.

 මීට පෙරදී  මේ ජාවාරමට අහුවුණු අයකු මෙසේ කීවා,

 මීට වසර කීපයකට පෙරදී වසංගතයක් වගේ පිරිමීඩ ජාවාරම අම්පාරේ ක‍්‍රියාත්මක වුණා. සෑම සතියකම වගේ පුහුණු පන්ති පැවැත්වුණා. වෛද්‍යවරු, නීතිඥයො,් මාධ්‍යවේදීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සෞඛ්‍ය ඇතුළු රාජ්‍ය සේවකයන් බොහෝ දෙනකු ඒකට සාමාජික වුණා. සමහරුන් පිස්සුවෙන් වගේ වැඩ කරේ. ජාවාරම්කාරයෝ පුහුණු සැසි වලදී කිහිප දෙනකු ඉදිරියට ගෙනැල්ලා ලක්ෂ ගණනින් මුදල් උපයන බව ඔවුන්ගේ බැංකු ගිණුම් පවා පෙන්වමින් අහිංසක මිනිසුන් මෙම ජාවාරමට බඳවා ගත්තා. සමහරු පොලියට සල්ලි අරගෙනයි පිරමීඩ ජාවාරමට බැඳිලා තිබුණේ. ලක්ෂ ගණන් හොයන්න ගිය අයට රුපියල් පන්දහක්වත් හොයාගන්න බැරුව අන්ත අසරණ වුණා. මේ ජාවාරම බඩුවක් විකුණන විදිහටයි කරන්නේ. අන්තිමේදී වැඩි මිලට නොවටිනා භාණ්ඩ විකුණලා මිනිසුන් අන්ත අසරණ කරනවා.

 පරණ සමාගම අලූත් නමකින් තමයි ආයේ වැඩ පටන් අරගෙන තියෙන්නේ. පිරිමිඩ සමාගමත් එක්ක මුල් වෙලා කටයුතු කරපු කිහිපදෙනෙක්. වස විෂ අයින් කරන සෞඛ්‍ය උපකරණ ලබා දෙන බව පවසමින් මේ පිරමීඩ ජාවාරම නැවතත් අම්පාරේ ආරම්භ කරලා තියෙනවා. මේ පිටි පස්සේ ඉන්නේ මීට වසර දෙක තුනකට කලින් අම්පාරේ පිරමීඩ ජාවාරම් කරපු ජාවාරම්කාර කල්ලියයි. දැනට අම්පාරේ මුල් වෙලා ඉන්නෙත් සෞඛ්‍ය ඇතුළු රජයේ සේවය කරන පිරිසක්. ඒ නිසා මේ ජාවාරමෙන් අහිංසක ජනතාව බේරා ගන්නට කටයුතු කරන ලෙස මම වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා.

 අම්පාරට නව පොලිස් ස්ථාන හතරක්

 අම්පාර දිස්ත‍්‍රික්කයට නව පොලිස් ස්ථාන හතරක් ආරම්භ කරනු ලබනවා. ඒ අනුව විසි දෙවැනි දින එරගම සහ බණ්ඩාරදුව යන පොලිස් ස්ථාන දෙක නැගෙනහිර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් නියෝජ්‍ය පොලිස්පති සේනාරත්න සහ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක, කොට්ඨාස (1* භාර පොලිස් අධිකාරී ප‍්‍රියදර්ශන හේරත් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබුවා. ඊයේ (23* දින සයින්දමරුදු සහ කාර්තිව් ප‍්‍රදේශවලද නව පොලිස් ස්ථාන දෙකක් විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

 අම්පාරේ කොරෝනා තත්ත්වය තවත් ඉහළට

 මේ වන විට අම්පාර දිස්ත‍්‍රික්කයේ කොරෝනා රෝගීන් වැඩිපුරම වාර්තා වී තිබෙන්නේ දෙහිඅත්තකන්ඩියේ පොතුවිල, කල්මුණ, සමන්තුරය හා අක්කරපත්තුව ප‍්‍රදේශවලින්.

 අවුරුදු පොකුරෙන් රෝගීන් අසූ එක් දෙනෙක් මිය ගොස් තිබෙන අතර සමස්තයක් ලෙස අම්පාර දිස්ත‍්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයන් 96 දෙනකු මියගොස් තිබෙනවා. මේ වන විට මුස්ලිම් සහ දෙමළ ප‍්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් 1978 දෙනකු හමු වී තිබෙන අතර සිංහල ප‍්‍රදේශවලින් ආසාදිතයන් 1847 දෙනකු හමුව තිබෙනවා. දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය බල ප‍්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 625 දෙනකුද පොතුවිල 327 ක්, කල්මුණේ 359 ක්, සමන්තුරේ 229 ක්, අක්කරපත්තුව 205 ලෙසින් කොරෝනා ආසාදිතයන් හමුව තිබෙනවා.

– සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment