ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දිවයිනට පැමිණෙති

338

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (09 වැනිදා) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

ඊට පෙර දකුණු අප්‍රිකාවේ පැවැති ක්‍රිකට් තරගාවලිය ද ජයග්‍රහණය කිරීමට මෙම කණ්ඩායම සමත් වී තිබුණි.

ඒ අනුව මාස දෙකක ක්‍රිකට් තරග සංචාරයන් දෙකක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු එම ජයග්‍රහණයන් පිළිබඳව මෙසේ පැවසීය. “අපට මෙම ජයග්‍රහණයන් සඳහා කණ්ඩායමේ දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ද විශාල සහයක් ලබා දුන්නා. එළඹෙන ඔක්තෝබර් මාසයේ බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම සමග තරගාවලියක් ද, ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය සහ අයර්ලන්තයේ ක්‍රිකට් තරගාවලි සංචාරයක් ද සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වීමට නියමිත බව ද ඇය පැවසුවාය. එසේම තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු දීම පිළිබඳ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ද පැවසූ චමරි අතපත්තු එළඹෙන ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය, තරගයෙන් තරගය හොඳට සැළසුම් කර ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 09 දින අලුයම 02.58 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ඔවුන් පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

කටුනායක – ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment