ජනපතිවරණයට කොමිසම දින දෙයි

162

සැප්: 17 ඔක්: 16 අතර

ජනාධිපතිවරණ ඡන්ද විමසීම ලබන සැප්තැම්බර් මස 17 වැනිදා සහ ඔක්තෝබර් මස 16 වැනිදා අතර දිනක දී පවත්වනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කරයි.

එමෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම පිළිබඳ පනතේ විධිවිධානවලට අනුව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර කැඳවීම නියමිත කාලසීමාව තුළ දී සිදුකරන බව ද සභාපතිවරයා නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

මේ අතර ජනාධිපතිවරණ සඳහා නාම යෝජනා පත්‍ර කැඳවීම බලය, ලබන ජූලි මස 17 වැනිදා සිට මැතිවරණ කොමිසමට හිමිවෙයි. කොමිසම තීරණය කරන දිනයන්ට අනුව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් ජනාධිපතිවරණය පැවැත්වීම ට නියමිත ය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment