පාස්කු සටන අත්නොහරින්න පාප්වහන්සේගෙන් උපදෙස්

207

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සාධාරණය, යුක්තිය, ඉටුවෙනතෙක් ඒ සඳහා සිදුකරන විරෝධතා අත්නොහරින ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තමාට උපදෙස් දුන් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමෝ පැවසූහ. සාන්තුවරයන්ගේ මංගල්‍ය නිමිත්තෙන් කොළඹ අගරදගුරු මැඳුරේ දිව්‍ය හෘදය දෙව්මැඳුරේ පැවැති දේවමෙහෙයේදී විශේෂ දේශනයක් සිදුකරමින් කාදිනල්තුමෝ මේ බව සඳහන් කළහ.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය ප්‍රමුඛ තමා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්පවහන්සේ බැහැදැකීමට ගිය මොහොතේ උන්වහන්සේ එසේ සඳහන් කළ බවද කාදිනල්තුමෝ කියා සිටියහ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment