රටෙන් 56.8 ක් පිටරට යන්න කැමතියි

188

රටේ පවතින ආර්ථික අර්බුද හමුවේ විදේශ ගතවීමට හෝ වෙනත් රටක ජීවත් වීමට අවස්ථාවක් ලදහොත් ඊට කැමැත්ත පළකර ඇති පිරිස සියයට 56.8ක් යැයි මෙරට දිස්ත්‍රික්ක 25ක් තුළ පසුගියදා සිදු කළ සමීක්ෂණයකට අනුව හෙළිවී ඇත.

ඒ අනුව විදේශගත වීමට කැමැත්ත පළ කර ඇති පිරිස අතරින් සියයට 77.2ක් වයස අවුරුදු 18ත් 29ත් අතර වියේ අය වෙති. වයස අවුරුදු 30ට වැඩි පිරිසෙන් සියයට 45.4ක් ද විදේශ ගතවීමට කැමැත්ත පළ කර තිබේ.

පසුගිය ඔත්තෝබර් මස 21 වැනිදා සිට 31 වැනිදා දක්වා මෙම සමීක්ෂණය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් විසින් සිදු කර ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment