ආසන සංවිධායක ධුර ගන්න එජාපයට අයදුම්පත් 1000 ක්

85

එක්සත් ජාතික පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් ලෙස පත්වීම සඳහා 1000කට වැඩි පිරිසක් ඉල්ලුම්කර ඇති බව එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට පැවසීය.

මේ අය අතරින් පළමුව 500දෙනකු පමණ ඉකුත් දින දෙකතුනේදී සම්මුඛ පරීක්‍ෂණවලට භාජනය කළ බව ද අබේවර්ධන මහතා කීය.

එජාප නායක ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අසීරු අවස්ථාවක රට භාර ගනිමින් කරන කැපවීම හමුවේ එජාපය වටා පෙර නොවූ ජනබලයක් දැන් ගොඩ නැඟෙමින් තිබෙන බවද පැවසූ අබේවර්ධන මහතා නව සංවිධායකවරුන් තේරීමේ දී තරුණ නියෝජනය 60% ක් පමණ වනු ඇතැයි ද වෘත්තීයවේදීන් අධ්‍යාපනය පළපුරුද්ද, මෙන්ම පක්‍ෂයේ යොවුන් පෙරමුණ තුළ ක්‍රියාකාරීව කැපවීම් කරන ලද අයට විශේෂ සැලකිල්ලක් දක්වන බවද කීවේය.

එජාප සභාපතිවරයා සහ එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ඇතුළු පක්‍ෂයේ ඉහළ පෙළේ ක්‍රියාකාරීන් වෘත්තීය සමිති ප්‍රධානීන් ද විසින් අදාළ සම්මුඛ පරීක්‍ෂණ සිදුකර තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment