ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ සංචාරයක

40

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක තුනම ආවරණය කරමින් නිල සංචාරයක නිරත විය.

ඒ මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා හමුවූ අතර පළාතේ දිස්ත්‍රික්ක තුන නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සමග සාකච්ඡාවන්හි නිරත විය. මෙයට අමතරව එතුමා පළාතේ ජනතාව වෙනුවෙන් ඉන්දීය රජය විසින් ක්‍රියාත්මක කරන විවිධ ව්‍යාපෘතීන්හි ප්‍රගතිය නිරීක්‍ෂණය කළ අතර ඓතිහාසික, සංස්කෘතික සහ වාණිජ වැදගත්කමකින් යුත් ස්ථාන රාශියක සංචාරය කළේය.

අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පැවති හමුවීම්වලදී මහ කොමසාරිස්තුමා අවධාරණය කළේ නැගෙනහිර පළාතට ඉන්දියා – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය තුළ සුවිශේෂී වැදගත්කමක් හිමිවන බවයි. මහ කොමසාරිස්තුමා ඉන්දීය රජයේ ප්‍රදාන යටතේ මඩකලපුව ශික්ෂණ රෝහලේ ඉදිකරන ශල්‍ය ඒකකයේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය සොයා බැලුවේය. එතුමා මඩකලපු සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ක්‍රියාත්මක ආදර්ශ ගම්මාන නිවාස ව්‍යාපෘතීන්වලද සංචාරයක නිරත විය. මෙම ව්‍යාපෘතීන් අඩු ආදායම්ලාභී සහ නිවාස රහිත ජනතාව උදෙසා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් නිවාස 600 ක් ඉදිකරන ව්‍යාපෘතියක කොටසක් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment