කොවිඩ් නිවාඩු අනුමත නැති රාජ්‍ය නිලධාරීන් යවන්න හදයි

86

කොවිඩ් වසංගත සමයේ විදෙස්ගතව නිවාඩු අනුමැතියකින් තොරව නැවත මෙරට සේවයට වාර්තා නොකර සිටින සියලු ම රාජ්‍ය නිලධාරීන් සඳහා සේවය හැරයෑමේ නිවේදන නිකුත් කරන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් කියා ඇත.

ආයතන සංග්‍රහයට අනුව සේවයට වාර්තා කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත හා වැටුප් සහිත නිවාඩු අනුමත කිරීම සඳහා අනුගමනය කළයුතු විධිවිධාන ද මෙම චක්‍රලේඛයේ ඇතුළත් කර තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මැයි 07 වැනිදා නිකුත් කළ එම චක්‍රලේඛය මගින් 2020 සහ 2021 වර්ෂවල පැමිණීමට නියමිතව තිබී 2020 දෙසැම්බර් 31න් පසු හා 2021 දෙසැම්බර් 31 වැනි දින හෝ ඊට ප්‍රථම සේවයට වාර්තා කිරීමට අපොහොසත්ව සිටි රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාර ගැන සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කර තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment