ගාලු ගොවි ජනතාව මී උණ ගැන සැලකිලිමත් වෙන්න – විශේෂඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි

21

ගාල්ල දිස්ත්‍රික්කයේ මෙම වර්ෂයේ ජනවාරි සිට මැයි 06 වැනි දින දක්වා කාලය තුළ මී උණ රොගීන් 232 නකු හමු වී ඇති අතර මී උණ බවට සැකකරණ රෝගීන් තිදෙනකු මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි මහතා පවසයි.

ජනවාරි මාසයේ මී උණ රෝගීන් 80 දෙනකු, පෙබරවාරි මාසයේ දී මී උණ රෝගීන් 55 දෙනකු, මාර්තු මාසයේ මී උණ රෝගීන් 66 දෙනකු සහ අප්‍රේල් මාසයේ දී මී උණ රෝගීන් 25 දෙනකු හමුවී ඇති බවද හෙතෙම පවසයි.

වැඩිම මී උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කරන්දෙණිය හා බද්දේගම යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් බවද වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි මහතා පවසයි. ගාල්ල දිස්ත්‍රික්කය තුළ ඉකුත් වසරේ මෙම කාල සීමාවට වඩා මෙම වර්ෂයේ මෙම කාල සීමාව තුළ මී උණ රෝගීන් ගේ සහ මී උණ බවට සැකකරණ මරණ වාර්තා වීමේ විශාල අඩුවක් දක්නට ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය. මේ දිනවල කුඹුරු වගා කිරීමේ කටයුතු ආරම්භ වී ඇති නිසා ගොවීන් විසින් කුඹුරුවලට බැසීමට පෙර මී උණ රෝගයට අදාළ ප්‍රතිජීවක ඖෂධ ලබා ගන්නා ලෙසත්, පාදවල තුවාල තිබෙනවා නම් පා ආවරණ භාවිත කරන ලෙස ඉල්ලීමක් කරන බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment