ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියකු රකින බළල් අතක්!

865

මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රබලයාට ලොව බලවත්ම ක්‍රිකට් පාලන මණ්ඩලයේ ප්‍රධානියාගේ පූර්ණ සහාය ලැබෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග කියයි. සැබැවින්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ද එම ක්‍රිකට් බලධාරියාගේ නිල නොවන අණසකට යටත් වී සිටින බවටද එම ආරංචි මාර්ග පවසයි.

ඉන්දීය කණ්ඩායම හමුවේ ලැබූ බරපතළ පරාජය සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයට මෙන්ම ක්‍රිකට් පුහුණුකරුවන්ට ද මෙරටින් බරපතළ විරෝධයක් මතුව තිබේ.

එසේම කොළඹ ක්‍රිකට් මුලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණ මෙන්ම උපවාස ද සංවිධානය කර තිබිණි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment