හයිවේ රාජකාරිවලින් එස්ටීඑෆ් ඉවතට

171

අධිවේගී මාර්ගවල රාජකාරීවලින් පොලිස් විශේෂ කාර්ය බළකාය ඉවත් කර ගැනීමට රජයේ අවධානය යොමු වී ඇත.

මෙරට අධිවේගී මාර්ගවල දැනට රාජකාරියේ යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බළකාය ඉටුකරනු කාර්යයන් සහ එහිදී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

අධිවේගී මාර්ගවල සිදුවන හදිසි අනතුරු, ගිනි ගැනීම් වැනි අවස්ථාවලදී සහ අපරාධ මැඬලීම සඳහා දැනට පොලිස් විශේෂ කාර්ය බළකාය ක්‍රියාත්මක වන අතර එම කාර්යන් වලින් ඉවත් කර ඔවුන් මෙතෙක් ඉටුකළ කාර්යයන් විධිමත්ව ඉටුකිරීමට වගකීම් පැවැරීමට සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත.

මෙහිදී යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුකර මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ සාකච්ඡා කර නිශ්චිත වැඩපිළිවෙළක් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මූලිකත්වයෙන් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment