පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට: කාලගුණය යහපත් අතට

53

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අඩු පීඩන කලාපයක් දක්වා දුර්වල වීම නිසා කාලගුණයට සිදුවූ බලපෑම අඩු වී යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අඩු පීඩන කලාපයක් බවට පත්වීමෙන් පසු පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට ගමන් කිරීම ඊයේ (26 දා) සවස් වනවිට සිදු වූ බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

කෙසේ වෙතත් මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු ප්‍රදේශවල සහ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා ඇත.

මන්නාරම සිට පුත්තලම කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුද රළුවන බවත් සෙසු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් එම ප්‍රකාශකයා පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment