සාම්පූර් දීගයට ඉන්දියාව සමග ගිවිසුම් ගතවෙයි

453

සාම්පූර්හි සූර්ය විදුලි බලාගාරය සංවර්ධනය කිරීම ස`දහා වන ගිවිසුමට ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් තැබීම මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ සහ ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමාසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා (11දා) මුදල් අමාත්‍යාංශයේදී සිදුවිය.

මෙය සාම්පූර්හි මෙගාවොට් 100 ක සූරිය විදුලි  බලාගාරයක් සංවර්ධනය කිරීම ස`දහා වන ඒකාබද්ධ ව්‍යාපෘතියක් බව ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මේ අනුව ඉන්දියාවේ NTPC ලිමිටඞ් සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් වන ටි‍්‍රන්කොමලී පවර් කම්පනි ලිමිටඞ් (TPCL) සඳහා ඒකාබද්ධ ව්‍යාපාර සහ කොටස්කරුවන්ගේ ගිවිසුම (JVSHA) අත්සන් තැබීම සිදුව තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විදුලිබල අමාත්‍ය පවිත‍්‍රාදේවි වන්නිආරච්චි, ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඞී. වී. චානක සහ සූර්ය, සුළං සහ ජල විදුලි උත්පාදන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්ම මහත්මීහු මෙම උත්සවයට සහභාගි වූහ. NTPC හි ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධන ප‍්‍රධානී නරින්දර් මෝහන් ගුප්තා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනෑන්ඩෝ සහ TPCL‍ හි සභාපති එන්. එස්. ඉලංගකෝන් යන මහත්වරු මෙම ත්‍රෛපාර්ශ්වික ගිවිසුමට අත්සන් තැබූහ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය වසරේ දී සිදු කරන ලද ඉන්දීය සංචාරය අතරතුර දී ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ රැුකියා නියුක්තියට දායක වන විවිධ ක්ෂේත‍්‍රයන්හි ඉන්දීය ආයෝජන ඉහළ නැංවීමට දෙපාර්ශ්වය විසින් එකඟ වන ලදී. සාම්පූර් සූර්ය බලාගාරය මේ සම්බන්ධයෙන් වන වැදගත් පියවරකි.

මෙම ගිවිසුම අත්සන් තැබීම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතාවයන්ට පුළුල් සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායී අයුරකින් ප‍්‍රතිචාර දැක්වීමට ඉන්දියාව සතු හැකියාව ප‍්‍රදර්ශනය කරන තවත් අවස්ථාවකි. මෙම ව්‍යාපෘතිය කඩිනම් සහ ඵලදායි අයුරින් ක‍්‍රියාත්මක කිරීම ධෛර්යමත් කිරීමට ද ඒ සඳහා පහසුකම් සැලසීමට ද ඉදිරියටත් කටයුතු කරන බවද ශ‍්‍රී ලංකා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියයි.

පුනර්ජනනීය බලශක්තිය සහ වඩා පිරිසිදු, හරිත සහ දේශගුණික ප‍්‍රත්‍යස්ථිත සමාජයන් ගොඩනැ`ගීම සඳහා වන කාර්යභාරය පුළුල් කිරීමට ඉන්දියාව කැප වී සිටියි. ඉන්දියාව අන්තර්ජාතික මට්ටමේදී ජාත්‍යන්තර සූර්යබල සන්ධානය සහ දේශගුණික අනුවර්තනය වෙනුවෙන් ආපදා ප‍්‍රත්‍යාස්ථ යටිතල පහසුකම් සඳහා වන එකතුව වැනි ආයතනික විසඳුම් ලබා දී ඇත. දිවයින තුළ සූර්ය බල ව්‍යාපෘතීන් සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව විසින් පිරිනමන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය පහසුකම ක‍්‍රියාත්මක කිරීමත් සමඟ මෙම ක්ෂේත‍්‍රය තුළ ශ‍්‍රී ලංකාව සමඟ අපගේ සහයෝගිතාවය තවදුරටත් ශක්තිමත් වනු ඇත. එසේම, පුනර්ජනනීය බලශක්ති සහයෝගිතාවය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම පෞද්ගලික අංශය තුළ සැලකිය යුතු උනන්දුවක් පවතින අතර එය ඉදිරි වසරවලදී තවදුරටත් ඉහළ යනු ඇතැයි එම මහ කොමසාරිස් කාර්යාලය තවදුරටත් කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment