මුඑතායි තරගාවලිය ලබන 29 වැනිදා

94

ලෝක බොක්සිං කවුන්සිලයේ ශ්‍රී ලංකා සංගමය සහ ශ්‍රී ලංකා මුඑතායි සංගමය එක්ව “ඡසබන සි එරදබටැර එය්බ හදම එයසබන” තේමාව යටතේ පවත්වන මුඑතායි කාන්තා තරගාවලිය ලබන 29 වැනිදා සවස 4.30 සිට රාත්‍රි 8.30 දක්වා කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

පුණ්‍ය කටයුත්තක් ලෙස සංවිධානය වෙන මෙම තරගාවලියෙන් ලැබෙන ආදායම මහරගම අපේක්ෂා රෝහලේ පියයුරු පිළිකා අංශයට පරිත්‍යාග කිරීමට සැලසුම් කර තිබෙන බව ලෝක බොක්සිං කවුන්සිලයේ ශ්‍රී ලංකා සභාපති රොෂාන් දුමින්ද මහතා පෙරේදා (18 වැනිදා) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

ශ්‍රී ලංකා වෙළෙඳසේවා ක්‍රිකට් සංගමයේ පැවති එම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ රොෂාන් දුමින්ද මහතා මෙසේද පැවසීය.

“වර්තමාන පරම්පරාව මිශ්‍ර සටන් කලාව කෙරෙහි ලොකු උනන්දුවක් දක්වනවා. ඒ නිසා මේ ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට හඳුන්වා දෙන්න විශාල අවස්ථාවක්.

අපිට ලෝකේ හොඳම මට්ටමේ සටන්කරුවන් කිහිප දෙනෙක්ම පිරිමි කාණ්ඩයේ ඉන්නවා. එය අපි කරලා තියෙන්නේ අවම පහසුකම් යටතේයි. අපිට හරියට ක්‍රීඩා කරන්න, පුහුණුවෙන්න ස්ථානයක් සහ අවශ්‍ය උපකරණ නැහැ. ඒ නිසා අපිට ජාත්‍යන්තර තලයට යන්න අනුග්‍රාහකයින් අවශ්‍යයි.” තරගාවලිය පිළිබඳව පැවැති එම මාධ්‍ය හමුවේ දී එම සංගමයේ ලේකම් චමිල නිශාන්ත, එම සංගමයේ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු විමුක්ති අබේනායක මුඑතායි ක්‍රීඩිකාවන් දෙදෙනකු වන හංසනා සහ වින්දුලා යන අයද ජාත්‍යන්තර තරග විනිසුරුවරියක් වන නිලූකා පතිරණ යන මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment